ඌවතැන්නේ සුමනහිමිට මරණීය තර්ජන
March 11, 2012 08:58 am
කොළඹ, මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමය හා වලල්ලාවිට ශ්‍රී සුවිසුද්ධාරාම මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට කිසියම් පිරිසක් විසින් මරණීය තර්ජන එල්ල කර තිබේ.
වෙනත් ආගමික සංවිධානයක් විසින් ලිපියක් මාර්ගයෙන් මෙම තර්ජනය සිදුකර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් දේශමාමක ජාතික බලවේගය පවසයි.
මීට පෙර ද දුරකථන ඇමතුම් ඔස්සේ ඌවතැන්නේ සුමන හිමිට මරණීය තර්ජන එල්ල කර ඇති අතර ඒ පිළිබඳ මතු ආරක්ෂාව පතා එම හිමිනම විසින් මාලිගාවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.
අද දෙරණ කළ විමසීමකදී පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් කියා සිටියේ ප්‍රදේශයේ බෞද්ධාගමික කටයුතුවලට විරෝධය පළකරමින් කිසියම් පිරිසක් විසින් තමන් වහන්සේට මරණීය තර්ජන එල්ලකරමින් සිටින බවයි.