තලවතුගොඩ හෝටලයක ඇති වු ගින්නකින් සිව්දෙනෙකුට තුවාල

තලවතුගොඩ හෝටලයක ඇති වු ගින්නකින් සිව්දෙනෙකුට තුවාල

June 9, 2026   11:06 am

තලවතුගොඩ හන්දිය ආසන්යේ අවන්හලක ඇතිවු ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබු පුද්ගලයින් මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

අද (09) පෙරවරුවේ අදාළ අවන්හලේ ගින්නක් හටගෙන තිබු අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා කොට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 03ක් යොදවා තිබේ.

ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට පොලීසිය සැකපළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.