දෙරණ 24 පැයේ මහා බත් දන්සල ඇරඹෙයි
May 30, 2026 07:03 pm
වෙසක් පොහොය නිමිත්තෙන් දෙරණ මාධ්‍ය ජාලය විසින් අඛණ්ඩව තුන්වන වරටත් සංවිධානය කරන ‘ ශ්‍රී ලංකාවේ ලොකුම බත් දන්සල ‘ දෙරණ 24 පැයේ බත් දන්සල, කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
මෙම දන්සල හෙට (31) රාත්‍රී 7.00 දක්වා පැය 24ක කාලයක් පැවැත්වීමට නියමිතය.
වෙසක් පොහොය නිමිත්තෙන් දෙරණ මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකා වෘත්තීය සූපවේදීන්ගේ සංගමය සහ කොළඹ මහ නගර සභාව එක්ව 2024 වසරේ සිට මෙම බත් දන්සල සංවිධානය කරනු ලබයි.
