කොළඹ වරායට නුදුරු මුහුදේ නාඳුනන මළසිරුරක්
May 10, 2026 09:44 am
කොළඹ වරායට නුදුරු මුහුදේ මෘත ශරීරයක් ඇති බවට කොළඹ වරාය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත කොළඹ වරාය පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවය.
ඔහු උස අඩි 05 අඟල් 06ක් පමණ වන කොණ්ඩය කොටට කපා රැවුල වවා ඇති පුද්ගලයෙකු වන අතර කළු පැහැති කොට කලිසමක් සහ දුඹුරු පැහැති කමිසයක් හැඳ සිටි බවද සඳහන්.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
