හයිකෝප් නඩුවේ තීන්දුව දෙවන වතාවටත් කල්යයි
February 28, 2012 10:53 am
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි හයිකෝප් මූල්‍ය වංචා නඩුවෙන් ඔහු නිදහස් කරන්නේද නැද්ද යන තීන්දුව ලබාදීම මාර්තු මස 15 වන දිනට කල් තබා තිබේ.
අදාළ නඩු තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කළ යුතුව තිබුණද එය අද දිනයේ දෙවන වතාවටත් කල්තැබුණු බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
මේ අයුරින් නඩු තීන්දුව කල්තබමින් මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා පවසා සිටියේ යුද අධිකරණයේ සටහන් විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කිරීමට ඇති නිසා අදාළ තීන්දුව කල්තබන බවයි.
සරත් ෆොන්සේකා මහතාට එරෙහිව හයිකෝප් මූල්‍ය වංචාවට අදාළව දෙවන යුද අධිකරණයෙන්ද දඬුවම් පමුණුවා ඇති බැවින් මෙම නඩුවෙන් ඔහු නිදහස් කරන ලෙද විත්තියේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා ඇත.
එකම චෝදාවකට දෙවතාවක් දඬුවම් පැමිණවීමට නීතියේ බලතල නොමැති බවට විත්තියේ නීනිඥවරුන් මෙහිදී වැඩිදුරටත් අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් මෙම මූලික නීතිය පිළිගෙන සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන්නේද නැද්ද යන වග ප්‍රකාශයට පත් කිරීම මාර්තු මස 15 වන දිනට කල්තබන බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.
සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයාව සිටි අවදියේ හයිකෝප් සමාගමෙන් යුද හමුදාවට ආම්පන්න මිලදී ගැනීමේදී මූල්‍ය වංචාවක් සිදුවූ බවට ෆොන්සේකා මහතාට සහ ඔහුගේ බෑනණුවන් වන ධනුන තිලකරත්ත මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.