මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

April 3, 2026   06:00 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (03) දින 35ක් ගතවී ඇත.

----------------------------------

UPDATE - 10.12 AM

ගල්ෆ් කලාපය ස්ථාවර කිරීමට ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් පවසා තිබේ.

----------------------------------

UPDATE - 08.30 AM

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව දැඩි නව තර්ජන මාලාවක් එල්ල කර තිබේ. 

ඔහු පවසා ඇත්තේ ඉරානයේ යටිතල පහසුකම් විනාශ කිරීම තවමත් ආරම්භ කර නොමැති බවයි.

--------------------------------

UPDATE - 06.48 AM

අමෙරිකානු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී Randy George හට අමතරව, තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකුද සිය තනතුරුවලින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

----------------------------------

UPDATE - 06.10 AM

අමෙරිකානු නීතිපති පෑම් බොන්ඩි  සිය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාකළේ, ඇය වෙනුවට නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කරන බවට ජනාධිපති ට්‍රම්ප් නිල වශයෙන් නිවේදනය කර ඇති බවය.

පෑම් බොන්ඩි පෞද්ගලික අංශයේ නව රැකියාවක් සඳහා යොමු වීමට නියමිත බැවින් ඇය සිය ධුරයෙන් ඉවත් වන බව ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර තිබේ.

නීතිපති ධුරය සඳහා පත් කර ඇති ටොඩ් බ්ලැන්ච්, දක්ෂ හා ගෞරවාන්විත නීතිඥයෙකු බව ට්‍රම්ප්  පවසන අතර, ටොඩ් බ්ලැන්ච් මීට පෙර ජනාධිපති ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥයෙකු ලෙස ද කටයුතු කර තිබුණි.

----------------------------------

UPDATE - 05.55 AM

ගෙවී ගිය පැය 24 තුළ අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර පහක් දියත් කළ බව ඉරාකයේ ක්‍රියාත්මක වන "සරයා අව්ලියා අල්-දම්" Saraya Awliya al-Dam සන්නද්ධ කණ්ඩායමක් පවසයි.

එමෙන්ම Islamic Resistance in Iraq සංවිධානය සඳහන් කරන්නේ, ඔවුන්ගේ සටන්කාමීන් පසුගිය ගෙවී ගිය 24ක කාලය තුළ ඉරාකය සහ කලාපය පුරා පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් 23ක් ක්‍රියාත්මක කළ බවය.

මෙම ප්‍රහාර සඳහා ඩ්‍රෝන යානා විශාල ප්‍රමාණයක් යොදා ගත් බවද එම කණ්ඩායම් විසින් ප්‍රකාශ කර ඇත.

----------------------------------