28 මීගමුවට වතුර කැපේ

February 22, 2012   04:16 pm

ලබන 28 වැනිදා පැය 12 ක කාලයක් මීගමුව සහ තදාසන්න ප්‍රදේශ‍වල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මීගමුව ජලසම්පාදන ක්‍රමයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවන බව ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව ලබන 28 වැනිදා පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා පැය 12 කාලයක් මීගමුව නගර සභා බල ප්‍රදේශය, දූව පිටිපන ප්‍රදේශය,කටුනායක ආයෝජන කලාපය, කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා පරිශ්‍රය සහ කටුනායක - සීදුව නගර සභා බල ප්‍රදේශය සඳහා මෙම ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක වෙයි. ‍