ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
March 18, 2026 04:36 pm
දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට (19) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව අද (18) ප.ව. 4ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වෙයි.
උදෑසන කාලයේදී නැගෙනහිර පළාතේද වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු-මැද සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන් වෙයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
