පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට
February 27, 2026 08:51 am
ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම, ඝාතන සිද්ධි රැසකට පොලිසියට අවශ්‍යව සිටින ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී නමැති සැකකරු කටුනායක ගුවන්තොටුපලින් පිටතට රැගෙනවිත් තිබේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
සැකකාර පොඩි ලැසී නැමැත්තා දිවයිනට රැගෙන ආවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 142 දරන ගුවන් සේවයට අයත් යානයෙනි.
