ශ්‍රී ලංකාව සහ නවසීලන්ත තරගය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්
February 24, 2026 10:11 pm
T-20 තරගයට අදාළව හෙට පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය තරගය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.
මෙම තරගය හෙට (25) රාත්‍රී 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම තරගය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඊට අදාළව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය මේ වන විට තීරණය කර ඇත.
එම ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන සැලැස්ම පහතින්,

