මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
February 24, 2026 01:47 pm
තාවකාලික රියදුරු බලපත්‍ර ලබා දී ඇති රියදුරන් සදහා ස්ථිර රියදුරු බලපත්‍ර ලක්ෂ 4ක ප්‍රමාණයක් මේ වන විට නිකුත් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
ස්ථිර රියදුරු බලපත්‍ර කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලය තුළ රියදුරු පරීක්ෂණය සමත් වූ රියදුරන් හට තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර තිබුණි.
එලෙස තාවකාලික රියදුරු බලපත්‍ර ලබා ගත් රියදුරන් හට මෙසේ ස්ථිර රියදුරු බලපත්‍ර නිතුක් කර ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේය.
තවත් ස්ථිර රියදුරු බලපත්‍ර ලක්ෂයක් මුද්‍රණය කර ඇති අතර ඉදිරි දිනවලදී එම බලපත්‍ර ද තාවකාලික රියදුරු බලපත් ලබාගත් රියදුරන් වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ද ඔහු සදහන් කළේය.
එමෙන්ම තවත් කාඩ්පත් ලක්ෂ 10ක් ආනයනය කිරීම සඳහා වූ ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන් වී ඇති අතර ඉදිරියේදී ඒවා ආනයනය කිරීමට පියවර ගන්නා බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
