පැලට නැගීමට සවිකර තිබූ ඉනිමග කඩා වැටී පුද්ගලයෙකු මරුට

පැලට නැගීමට සවිකර තිබූ ඉනිමග කඩා වැටී පුද්ගලයෙකු මරුට

February 24, 2026   10:07 am

කහටගස්දිගිලිය, කොක්එඹේ ප්‍රදේශයේදී ගසක් මත ඉදිකර තිබූ පැලකට නැගීමට සවිකර තිබූ ඉනිමග කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ පුද්ගලයා ඉනිමග කඩා වැටීමෙන් ඉන් ඇඳ වැටී ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසුව මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 69ක් වූ මහපොතාන, කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කහටගස්දිගිලිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කහටගස්දිගිලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.