අමරකීර්ති අතුකෝරළගේ ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයට එයි

අමරකීර්ති අතුකෝරළගේ ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයට එයි

February 23, 2026   01:09 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතන නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විත්තිකරුවන්ගේ ඥාතීන් පවසයි. 

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ, අද (23) මේ සම්බන්ධයෙන් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සමඟ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. 

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණ නඩු තීන්දුවක් බලාපොරොත්තු වන බව දඬුවම් ලැබෙන සිටින අයෙකුගේ බිරිඳ ප්‍රකාශ කළාය.

"අපි අද ආවේ ජනාධිපතුමා හමුවෙලා, අපිට වුණ අසාධාරණය කියලා ලිඛිතව ලියුමක් භාර දෙන්න. ඒ වගේම අපේ නඩුව සම්බන්ධයෙන් අභියාචනයක් හරි ඉදිරිපත් කරනවා. පංච පුද්ගල අධිකරණයෙන් අපි ඇත්තටම සාධාරණ තීන්දුවක් බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමාට අපි කිව්වෙත්, සාධාරණයක් කරන්න කියලා. අපි ගොඩාක් අසරණ වෙලා ඉන්නේ මේ වෙලාවේ. දරුවන් ඉන්න අම්මලා ගොඩාක් ඉන්නවා. ත්‍රිපුද්ගල අධිරණයෙන් ලබා දුන්න තීන්දුවට හිස නවා ආචාර කරනවා. එක විනිසුරුවරයෙක් මේ ගොල්ලන්ව නිදොස්කොට නිදහස් කළා. ඒ නිසා තමයි අපි හුස්ම ගන්නේ, එයා අපිට බලාපොරොත්තුවක් දුන්නා. තවත් චාන්ස් එකක් තියෙනවා මේ ගොල්ලන් වෙනුවෙන් කියලා. ඒ චාන්ස් එක තමයි අපි ගන්නේ, අභියාචනයක් දාලා මේ 12 දෙනාව එළියට ගන්න එක තමයි අපේ එකම බලාපොරොත්තුව."