ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ්
February 20, 2026 04:19 pm
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබේ.
ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ එක් සැකකරුවෙකු මාර්තු 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
එමෙන්ම අනෙක් සැකකරු ලබන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකරන විමර්ශනයකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමණාකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
