ශ්‍රී ලංකාවේ සහ සෞදි අරාබියේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරුන් අතර හමුවක්
February 12, 2026 11:30 am
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ සෞදි අරාබි රාජ්‍යයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්රාහ්මන් බින් අයියෆ් අල්-මක්රින් කුමරු අතර හමුවක් පවත්වා තිබේ.
සෞදි අරබියේ රියාද් නුවර පැවැත්වෙන ලෝක ආරක්ෂක ප්‍රදර්ශනයට සමගාමීව මෙම හමුව පවත්වා ඇත.
එහිදී දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සහ දිගුකාලීන සබඳතා වර්ධනය කර ගැනීමට ඇති අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කළහ.
වසර ගණනාවක් පුරාවට සවුදි අරාබිය විසින් ලබා දුන් සාර්ථක සහයෝගීතා අගය කළ ශ්‍රී ලංකා දූත පිරිස එම සහයෝගීතාව ඉදිරියටත් අඛණ්ඩව ලබාගැනීම අපේක්ෂ කළේය.
දෙරට අතර සන්නද්ධ හමුදාවන් අතර සම්බන්ධ හමුදා පුහුණු අවස්ථා පුළුල් කිරීම, වෘත්තීමය හුවමාරු වැඩසටහන් සහ ව්‍යුහාත්මක දැනුම බෙදාහදා ගැනීමේ මුලපිරීම් පිළිබඳව ද මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡා කෙරිණි.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීතිවිරෝධී භාණ්ඩ ප්‍රවාහනය කිරීම වැනි දේශසීමා ඉක්මවා යන තර්ජන පිළිබඳව ඔවුන් සිය අන්‍යොන්‍ය සැලකිල්ල යොමු වූ බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම අභියෝගවලට එරෙහිව වඩාත් ඵලදායී ලෙස සටන් කිරීම සඳහා ද්විපාර්ශ්වික සම්බන්ධීකරණය සහ තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද එහිදී එකඟතාව පළ කර ඇත.
එමෙන්ම නියමුවන් රහිත ගුවන් යානා භාවිතය, නිරවද්‍ය බුද්ධි තොරතුරු පද්ධති සහ නිරීක්ෂණ හැකියාවන් ඇතුළු නූතන ආරක්ෂක තාක්ෂණික ක්‍රමවේද සහ විකාශනය වන මෙහෙයුම් සංකල්ප පිළිබඳව ද මෙම හමුවේදී අවධානය යොමු කෙරිණි.
ආරක්ෂක ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණික දියුණුව සමඟ සමගාමීව ඉදිරියට ගමන් කිරීමේ වැදගත්කම දෙපාර්ශවයම වැඩිදුරටත් අවධාරණය කළහ.
