UNහිදී ලබාදුන් නොපැකිලි සහයෝගයට පලස්තීන රජයේ විශේෂ ස්තුතිය

UNහිදී ලබාදුන් නොපැකිලි සහයෝගයට පලස්තීන රජයේ විශේෂ ස්තුතිය

February 11, 2026   02:43 pm

පලස්තීන ජනතාව මුහුණ දෙන අර්බුද හමුවේ ශ්‍රී ලංකා රජය දක්වන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි. එම්. කලීල් මහතා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ අමාත්‍යාංශයේදී මුණ ගැසී තිබේ.

විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පලස්තීනය සම්බන්ධ යෝජනාවලදී ශ්‍රී ලංකා රජය ලබා දුන් නොපැකිලි සහයෝගය පිළිබඳව පලස්තීන රජයේ විශේෂ ස්තුතිය තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම, අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පලස්තීන විදේශ අමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා කරන ලද ආරාධනය පලස්තීනයට කරන ලද ඉහළ ගෞරවයක් ලෙස සලකන බව ද තානාපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

දශක ගණනාවක සිට ජාත්‍යන්තර තලයේදී පලස්තීන අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටීම සම්බන්ධයෙන් පලස්තීන ජනතාව තුළ පවතින ඉහළ ප්‍රසාදය ද තානාපති ඉහාබ් අයි. එම්. කලීල් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.