කළුතර වස්කඩුව තැපැල් පෙට්ටිය අසල කානුවක පුද්ගල මළසිරුරක්
February 9, 2026 09:01 am
කළුතර වස්කඩුව ප්‍රදේශයේ තැපැල් පෙට්ටිය අසල කානුවක තිබී සැක සහිත ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ.
කළුතර උතුර පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනා ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවය.
වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවද වාර්තා වෙයි.
