හොරණ - කොළඹ ප්‍රයිවට් බස් වර්ජනය අදත්
February 4, 2026 10:52 am
හොරණ - කොළඹ 120 මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ පෙරේදා (02) ආරම්භ කළ වර්ජනය අදත් (04) ක්‍රියාත්මකය.
හොරණ සිට කහතුඩුව අන්තර් හුවමාරුව හරහා පිටකොටුව දක්වා ධාවනය කෙරෙන නව බස් රථයකට බලපත්‍ර ලබාදීමකට විරෝධය පළකරමින් මෙම බස් වර්ජනය ආරම්භ කර තිබුණි.
අදාළ ගැටලුව පිළිබඳව බස් සංගම් සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා සමග ඊයේ (03) සවස සාකච්ඡාවක් පවත්වා තිබූ අතර එම සාකච්ඡාවේදී සභාපතිවරයා විසින් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සාකච්ඡා අසාර්ථක වී ඇත.
ඒ හේතුවෙන් අද දිනයේද අදාළ මාර්ගයේ මගී ප්‍රවාහන කටයුතු සඳහා ලංගම බස් රථ යොදවා තිබේ.
