කටුනායක ගුවන්තොටේ E-Gate පද්ධතිය විවෘත කෙරේ
January 28, 2026 05:08 pm
කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (Automated Border Control/E - Gate System) අද (28) පස්වරුවේ විවෘත කළේය.
ජපාන රජයේ අරමුදල් සහාය ඇතිව, සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (I.O.M.) විසින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය මෙරට පළමු ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය වේ.
අමෙරිකානු ඩොලර් මිලියන 8.4ක වටිනාකමකින් ඉදිකළ මෙම ගේට්ටු පහසුකම යටතේ බෝවන රෝග හඳුනාගැනීම වැනි පහසුකම් ගණනාවක්ද ඇතුළත්ය.
මෙම පහසුකම යටතේ ගුවන්තොටුපොළේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ හැකියාව පවති අතර, දැනට මෙම පහසුකම මෙරට මගීන්ට පමණක් විවෘතව ඇත.
කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මගීන්ට තත්පර 40ක් වැනි කෙටි කාලයක් තුළ සිය නිශ්කාශන කටයුතු නිමකර ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයෙන් පිටව යාමට නව පද්ධතිය හරහා අවස්ථාව උදාවනු ඇත.
මෙම අවස්ථාවට වරාය, සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමාතා, ආගමන විගමන දෙපාර්තමේන්තු පාලක ජනරාල් චමින්ද පතිරාජ සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී ක්‍රිස්ටීන් පාර්කෝ මහත්මිය ඇතුළු පිරිසක් එක්වූහ.
