නුවරඑළිය සංචාරකයින්ගෙන් පිරෙයි
January 25, 2026 11:06 am
සතිඅන්ත නිවාඩුවත් සමග නුවරඑළියට දෙස් - විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ තිබේ.
නුවරඑළිය ප්‍රදේශයට මෙම දිනවලදී අලුයම් කාලයේ මල්තුහින පතිත වීම දැක බලා ගැනීම සඳහා මෙසේ විශාල වශයෙන් පිරිස් පැමිණෙන බව වාර්තා වේ.
වසර 17කට පසුව පසුගිය 22වනදා නුවරඑළියට අවම උෂ්ණත්වයක් වාර්තා විය.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැක්වූයේ එය සෙල්සියස් අංශක 3.5 ක් ලෙසින් සටහන් වූ බවය.
මෙය 2009 වසරෙන් පසුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අඩුම උෂ්ණත්වය ලෙස ඉතිහාසයට විය.
මේ අතර අද (25) දිනයේ ද දිවයිනේ අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 9.7 ක් ලෙස සටහන්ව තිබුණි.
