ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයාගේ පත්වීම් කටයුතු අවසන් අදියරේ
January 17, 2026 05:12 pm
මෙරට නව අමෙරිකානු තානාපතිවරයා ලෙස පත්වීමට නියමිත එරික් මේයර් මහතාගේ අදාළ පත්වීම් කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව අමෙරිකානු සෙනෙට් මණ්ඩල වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව සෙනට් මණ්ඩලයේ නිර්දේශ අමෙරිකානු ජනාධිපතිවරයා වෙත මේ වන විට යොමු කර තිබේ.
ඒ සෙනෙට් මණ්ඩලයේ විදෙස් රාජ්‍ය තාන්රතික කටයුතුවලට අදාළ කමිටුව හමුවේ එරික් මේයර් මහතා සිදුකළ කරුණු දැක්වීමෙන් පසුව බවද වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස සැලකෙන එරික් මේයර් මහතා මෙරට නව අමෙරිකානු තානාපතිවරයා ලෙස පත්වීමට නියමිතව ඇත.
ඔහු අමෙරිකානු විදේශ සේවයේ වෘත්තිය සාමාජිකයෙකු වන අතර ඔහු මේ වන විට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙසද කටයුතු කරයි.
එමෙන්ම ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය මෙන්ම ශ්‍රී ලංකාව වැනි මධ්‍යම හා දකුණු ආසියානු රටවල් රැසක අමෙරිකානු ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කිරීමේ නිලදාරියෙකු ලෙසද ඔහු කටයුතු කර ඇත.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කළ ජූලි චන්ග් මහත්මිය ඊයේ (16) සිය ධුරයට සමු දෙනු ලැබීය.
