සැකකරුවෙකු සොයන්න පොලීසිය මහජන සහාය පතයි
January 16, 2026 03:46 pm
දෙහිවල දී සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කර තිබේ.
ජනවාරි 9වනදා දෙහිවල ප්‍රදේශයේ පිහිටි හෝටලක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර විමර්ශනයේදී සාක්ෂිකරුවන් ලබාදුන් විස්තර අනුව, අපරාධය සඳහා පැමිණි වෙඩික්කරුගේ ඡායාරූපයක් Al තාක්ෂණය ඔස්සේ සකස් කර ඇත.
ඒ අනුව ඡායාරූපයේ දැක්වෙන සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
දුරකථන අංකය :- ස්ථානාධිපති,
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය
071-8596408
