ජනපති නාගදීපය වැඳ පුදාගනී
January 16, 2026 01:48 pm
උතුරේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක නාගදීප රජමහා විහාරය වැඳපුදාගෙන ආශීර්වාදය ලබාගෙන තිබේ.
ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා, අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් බැහැදැක ආශීර්වාදය ද ලබාගත්තේය.
එහිදී මෑතකාලීනව වඩාත් ආන්දෝලනකයකට තුඩු දුන් යාපනය, තෛයිට්ටි තිස්ස විහාරය සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.
තිස්ස විහාරය පෞද්ගලික ඉඩමක ඉදිකර ඇති බවට පදුමකිත්ති තිස්ස නාහිමි මෑතකදී ප්‍රකාශ කර තිබීමත් විශේෂත්වයකි.
