නීතිවිරෝධී ක්‍රමවලට මසුන් ඇල්ලූ 13ක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ක්‍රමවලට මසුන් ඇල්ලූ 13ක් නාවික හමුදා භාරයට

January 13, 2026   12:50 pm

දින 6ක් පුරා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුම් මඟින් නීතිවිරෝධී ක්‍රමවලට මසුන් ඇල්ලූ ධීවරයින් 13 දෙනෙනෙකු සිය භාරයට ගෙන තිබේ.

පසුගිය 06 වනදා සිට 11 වනදා දක්වා ත්‍රීකුණාමලය කුච්චවේලි, මන්නාරම නරි විලකුලම්, පුත්තලම කායක්කුලි සහ ගාල්ල රත්ගම වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුරු මැද, වයඹ සහ දකණු නාවික විධාන විසින් සිදු කළ මෙහෙයුම් වලදී මෙම පිරිස සිය භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

තහනම් ධීවර දැල් භාවිතය, පුපුරණ ද්‍රව්‍ය භාවිතය, බලපත්‍ර නොමැතිව කිමිදුම් කටයුතු සිදු කිරීම සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතය යන චෝදනා යටතේ මෙම ධීවරයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඩිංගි යාත්‍රා හතරක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

ඒ අනුව, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකාය, මන්නාරම හා නානට්ටාන් ධීවර පරීක්ෂක කාර්යාල සහ ගාල්ල වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කර තිබේ.