ජුලි චන්ග්ට සමුදුන් ඇමති විජිත
January 10, 2026 04:16 pm
ශ්‍රී ලංකාවේ සේවය අවසන් කරන අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී තිබේ.
එහිදී අමාත්‍යවරයා විසින් 2022–2026 කාලයේදී ජුලි චන්ග් මහත්මිය අමෙරිකා එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමට දැරූ අඛණ්ඩ උත්සාහය සඳහා ස්තූතිය ප්‍රකාශ කළේය.
ඊයේ මෙම හමුව සිදුව තිබුණි.
මෙම හමුවේදී අමාත්‍යවරයා විසින් 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය දැක්වූ සහාය සඳහා අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය සිදුකළ මැදිහත්වීම සම්බන්ධයෙන් ස්තූතිය පලකර ඇත.
මෙහිදී විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ජුලි චන්ග් මහත්මියගේ මීළඟ රාජකාරිය සාර්ථක වේවා යැයි සුභ පැතුම් පිරිනැමීය.
