විදෙස් රටවල් 22කින් ශ්‍රී ලංකාවට ආධාර ඇවිත්

විදෙස් රටවල් 22කින් ශ්‍රී ලංකාවට ආධාර ඇවිත්

January 1, 2026   04:26 pm

දිට්වා සුළි කුණාටු ආපදාවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විදේශ රටවල් 22කින් මානුෂීය සහනාධාර ලැබී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම්දෙන්නේ ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් ලබාදෙන මානුෂීය සහනාධාර දිවයිනට ලැබුණු බවත්  මෙම විදේශීය ආධාර තොග නිසි ලෙස කළමනාකරණය කිරීම, සම්බන්ධීකරණය සහ ඒවා ඵලදායී ලෙස ජනතාව අතර බෙදාහැරීම තහවුරු කරනු පිණිස ජනාධිපතිවරයා විසින් 'විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුව' (HL-FRAC) පිහිටුවනු ලැබූ බවය.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකරගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව අවස්ථා කිහිපයකදීම රැස්වෙමින්, සහන සේවා ක්‍රියාවලිය තුළ පූර්ණ පාරදෘශ්‍යභාවය සහ උපරිම කාර්යක්ෂමතාව සහතික කිරීමට අවශ්‍ය තීරණාත්මක ක්‍රියාමාර්ග ගනු ලැබූ බවත් එහි දැක්වෙයි.

ඒ අනුව, ගුවන්තොටුපල සහ වරාය හරහා මෙරටට ලැබුණු විදේශ ආධාර ඔරුගොඩවත්ත ගබඩා සංකීර්ණයෙහි ආරක්ෂිතව සහ විධිමත්ව ගබඩා කර, දිවයින පුරා පීඩාවට පත් ජනතාව වෙත එම සහනාධාර කාලෝචිතව සහ විධිමත්ව ලබාදීමේ යාන්ත්‍රණය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) හරහා මේ වනවිට වඩාත් ශක්තිමත් කර ඇති බවද පෙන්වා දෙයි.

වැඩි විස්තර පහතින්,

<

විදෙස් රටවල් 22කින් ශ්‍රී ලංකාවට ආධාර ඇවිත් by poornima