පුනරුදයට මග වැඩපිළිවලට සමගාමීව ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනයට
January 1, 2026 02:28 pm
පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය උසස් කරමින්, ජනතා ගමනාගමන පහසුකම් පුළුල් කිරීම සඳහා ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනය කිරීම අද (01) සිට ආරම්භ වී තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් මිලියන 5,000ක මුදල් වෙන් කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මෙම ව්‍යාපෘතිය මඟින් ගම්මාන සම්බන්ධතා ශක්තිමත් කිරීම, වෙළෙඳ පොළ හා අත්‍යවශ්‍ය සේවා වෙතපහසු ප්‍රවේශය සැලසීම, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම ආදී අරමුණු ඉටු කිරීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම, මෙතෙක් බස් රථ ධාවනය නොවූ ග්‍රාමීය මාර්ග 40කට අද (01) සිට බස් සේවා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
