හිටපු ඇමති ජොන්ස්ටන්ට සහ පුතාට එරෙහි චෝදනා මෙන්න
December 31, 2025 05:11 pm
අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සහ දැනට අත්අඩංගුවේ පසුවන ඔහුගේ පුත්‍රයාට චෝදනා 16ක් යටතේ චෝදනා එල්ල වී තිබේ.
අදාළ චෝදනා යටතේ ජොහාන් ප්‍රනාන්දු ඊයේ (30) දිනයේ අත්අඩංගුවට ගෙන අද වත්තල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
එමෙන්ම හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු සඳහා විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.
ඒ අනුව ඔවුන්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා 16 පහතින් දැක්වේ.
01. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත නිර්නාමික පැමිණිලිකරුවෙකු විසින් 2015.11.12 වන දින පැමිණිල්ලක් යොමු කරමින් කරුණු පහක් ඉදිරිපත් කර ඇත.


