කාන්තාවකට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් මතුගම ප්‍රා.ස. සජබ සභාපතිට ඇප
December 31, 2025 05:02 pm
මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා ඇප මත මුදාහැර තිබේ.
ඒ අනුව සැකකාර සභාපතිවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට මතුගම වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද (31) පෙරවරුවේ මතුගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණ භාරවිය.
එහිදී අත්අඩංගුවට ගැණුනු ඔහු මතුගම පොලීසියට භාර කිරීමෙන් පසු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
සභාපති කසුන් මුණසිංහ මහතා තමන්ට තර්ජන කළ බවට එහි ලේකම් නෙලූ නිශාන්ති ඉද්දගොඩ මහත්මිය මතුගම පොලීසියට පැමිණිල්ලක් කර තිබූ අතර, පසුව ඇය මතුගම වෑත්තෑව රෝහලටද ඇතුළත් වී තිබුණි.
කෙසේ වෙතත් සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඊයේ පස්වරුවේ මතුගම ප්‍රාදේශිය සභා පරිශ්‍රයට ගිය අවස්ථාවේ සභාපතිවරයා සභා පරිශ්‍රයෙන් පිටව ගොස් සිටියේය.
