ගඟ ඉහළ කෝරළේ ප්‍රා.ස සභාපති පුද්ගලයෙකුට පහරදීලා
December 29, 2025 04:40 pm
ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් පහරදුන් බව පැවසෙන පුද්ගලයෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
එම පුද්ගලයා සඳහන් කරන්නේ, ඊයේ (28) රාත්‍රී 11ට පමණ තමන් ව්‍යාපාරික ස්ථානයේ සිට නිවස බලාගමන් කරමින් සිටියදී යතුරුපැදියක් මාර්ගය හරස් කර නතර කළ බවය.
එහි ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් පුද්ගලයෙකු සිටි බවත් ඔවුන් බීමතින් සිට තමාට බැනවැදුණු බවත් රෝහල්ගතව සිටින පුද්ගලයා 'අද දෙරණ'ට පැවසීය.
"පාර හරහා බයික් එක දැම්මා. ඒකේ හැප්පිලා මම වැටුණා. එයා මට තර්ජනය කරා තොපිව මරන්න ඕනේ, තොපි නිසා අපිට දේශපාලනය කරගන්න බැරි වුණා කියලා. මාව තල්ලු කරාම මම වැටුණා. තොපි වගේ උන්ව මරන්න ඕනේ කියලා දුවගෙන ඇවිත් පපුවට දණහිස තියලා ඇන්නා. හොඳටම ගැහුවා. මට හුස්ම ගන්න බැරි වුණා. සෑහෙන්න අමාරු වුණා මට. මම කිව්වා ගහන්න එපා මට හුස්ම ගන්න බෑ කියලා. තව දෙන්නෙක් හිටියා ඒ අයට කිව්වා මුව ගිහින් දාපන් හොස්පිටල් එකට මට ඕන දෙයක් කරන්න පුළුවන් කිව්වා."
