මාරක අනතුරු දෙකක් - දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

මාරක අනතුරු දෙකක් - දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

December 29, 2025   09:25 am

දිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කැකිරාව තලාව මාර්ගයේ කිරලෝගම ප්‍රදේශයේදී තලාව දෙස සිට එප්පාවල දෙසට ධාවනය වූ කාර් රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

ඉන් කාර් රථයේ ගමන් කළ රියදුරු, පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා තලාව රෝහලට ඇතුලත් කිරීමේදී පිරිමි පුද්ගලයා මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක් වූ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම තංගල්ල මාර්ගයේ වෙරළ පාර ප්‍රදේශයේදී සිදු වූ  අනතුරකින් ද තරුණයෙකු ජීවිතක්ෂයට පත් ව ඇත.

මාතර දෙස සිට වෙරළ පාර ඔස්සේ ගන්දර දෙසට ධාවනය වූ වෑන් රථයක් දකුණට හැරවීමට යාමේදී, පිටුපසින් පැමිණි යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. 

අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21ක් වූ වල්ගම, මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මාතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.