ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි
December 26, 2025 01:41 pm
මෝටර් රථයක තිබී T-56 ගිනිඅවියක් හා ජීව උණ්ඩ සහිත පතුරම් ගැබ් 2ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
රාගම පහළවත්ත, ප්‍රදේශයේදී ඉකුත් 23 වනදා පස්වරුවේ අත්හැර දමා ගොස් තිබියදී අදාළ මෝටර් රථය සොයාගෙන තිබුණි.
මේවන විට අදාළ සැකකරු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරන අතර එහිදී අනාවරණ වී ඇත්තේ, ඔහු අදාළ මෝටර් රථයේ රියදුරු බවත්, බන්ධනාගාරගතව සිට පසුගියදා නිදහස්ව පැමිණි දික්පිටිගොඩ කල්ප නමැත්තා ඝාතනය සඳහා අදාළ ගිනිඅවිය රැගෙන ආ බවය.
දික්පිටිගොඩ ළහිරු නැමැත්තාගේ මෙහෙයවීමෙන් අදාළ ඝාතනය සිදුකිරීමට සූදානමින් සිටි බවත් ඔහු විමර්ශන නිලධාරීන්ට පවසා තිබේ.
එමෙන්ම වෙඩික්කරු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා මනෝ විකාරයෙන් හැසිරීම හේතුවෙන් ඝතනය සඳහා යෑම නවත්වා මෝටර් රථය හා ගිනිඅවිය එම ස්ථානයේ දමා පලා ගිය බවත් සැකකරු පවසා ඇති බවද වාර්තා වෙයි.
