බදුල්ලේ භූමියෙන් 68%ක් නාය අවදානමක - NBRO
December 24, 2025 07:55 pm
බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 68%කට ආසන්න ප්‍රමාණයක් කුමක් හෝ නාය අවදානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ශනී පෙරේරා පවසා සිටියේ, අයහපත් කාලගුණය පැවති කාලසීමාවේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන නායයෑම් 368ක් වාර්තා වූ බවය.
ඒ හේතුවෙන් අධි අවධානම් නිවාස ඒකක 650ක් දළ වශයෙන් මේ වනවිට හඳුනාගෙන ඇති බව ඇය සඳහන් කළාය.
