සංචාරක හෝටලයකින් ඩොලර් ඉස්සූ සැකකරු පැය 12කදී අත්අඩංගුවට

සංචාරක හෝටලයකින් ඩොලර් ඉස්සූ සැකකරු පැය 12කදී අත්අඩංගුවට

December 24, 2025   06:13 pm

උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයක තිබූ අමෙරිකානු ඩොලර් 500ක මුදලක් සොරකම්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට උණවටුන පොලිස් සංචාරක කාර්යාංශය සමත්ව ඇත.

අදාළ සොරකම සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබී පැය 12ක් ගතවීමටත් පෙර සැකකරු ඉඳුරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම සුවිශේෂීය.

මෙම වැටලීම සඳහා උණවටුන පොලිස් සංචාරක කාර්යාංශයේ ස්ථානාධිපති උ.පො.ප. අමිල ප්‍රියංකර, පො.සැ (35553) නිශාන්ත, පො.සැ. (18372) ප්‍රේමරත්න යන නිලධාරීන් එක්වූහ.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.