උත්සව සමය වෙනුවෙන් විශේෂ අමතර බස්රථ සේවාවක්

උත්සව සමය වෙනුවෙන් විශේෂ අමතර බස්රථ සේවාවක්

December 23, 2025   10:05 pm

උත්සව සමය වෙනුවෙන් හෙට (24) සිට ලබන 27 වනදා දක්වා විශේෂ අමතර බස්රථ සේවා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න මහතා පවසයි.

අද (23)   ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු සඳහන් කළේ දුම්රිය පහසුකම් අඩාල වීම, මගීන්ගේ ඉල්ලීම් ආදිය සළකා මෙම විශේෂ බස්රථ යෙදවීම සිදුකළ බවය.