හෙට සිට ක්‍රියාත්මක වෙන බදුල්ල - අඹේවෙල දුම්රිය කාලසටහන

හෙට සිට ක්‍රියාත්මක වෙන බදුල්ල - අඹේවෙල දුම්රිය කාලසටහන

December 19, 2025   01:36 pm

හෙට (20) දින සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවෙල අතර දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව 9ට සහ ප.ව 3ට දුම්රියන් දෙකක් අඹේවෙල දක්වාත් අඹේවෙල දුම්රිය ස්ථානයෙන් පෙ.ව 9.30ට සහ ප.ව 3ට දුම්රියන් දෙකක් බදුල්ල දක්වාත් ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම දුම්රියන් වායු සමනය කළ පළමු පන්තියේ වෙන් කළ ආසන මැදිරි දෙකක්, දෙවන සහ තෙවන පන්තියේ වෙන්කළ ආසන මැදිරියක් සහිතව ධාවනය වේ.

මේ අතර නැගෙනහිර දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව - ත්‍රිකුණාමලය අතර දුම්රිය ධාවනය හෙට දින සිට පහත පරිදි සිදුකිරීමට නියමිතය.