මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ
December 18, 2025 11:01 pm
පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක 3 අද (18) රාත්‍රියේ විවෘත කරනු ලැබීය.
0.5m ප්‍රමාණයකින් මෙම වාන් දොරටුව විවෘතකර ඇති අතර, ඒ හේතුවෙන් තත්පරයට ඝන අඩි 1500ක් ක්‍රමානුකුලව අදියරයෙන් අදියර අඹන් ගඟට මුදා හැරීමට කටයුතු කරන බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පවසයි.
