ඉන්දියා - දකුණු අප්‍රිකා තරගයට මීදුමෙන් බාධා

ඉන්දියා - දකුණු අප්‍රිකා තරගයට මීදුමෙන් බාධා

December 17, 2025   09:22 pm

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ලක්නව් හිදී අද (17) පැවැත්වෙන 4 වන විස්සයි20 ක්‍රිකට් තරගයට මේ වනවිට මීදුමෙන් බාධා එල්ල වී තිබේ.

තරගයේ කාසියේ වාසිය උරගාබැලීම ප.ව. 6.30ට සිදුකිරීමට නියමිතව තිබුණද, ඒ වනවිට පැවති අධික මීදුම් සහිත තත්ත්වය මේ දක්වාම පවතින හෙයින් කාසියේ වාසිය හෝ උරාගා බැලීමට නොහැකිව සිටියි.

වරින් වර තරගය ආරම්භකිරීමට හැකි යෝග්‍යතාව සොයා බැලූ තරග තීරකවරයා රාත්‍රී 9.25 තරග ආරම්භකිරීමට හැකියාවක් ඇත්දැයි නිරීක්ෂණය කිරීමට නියමිතව තිබේ. 

තරග 5කින් සමන්විත තරගාවලිය තරග 2-1ක් ලෙස සත්කාරක ඉන්දියාව මේ වනවිට තරගාවලියේ පෙරමුණගෙන සිටියි.