පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ තිබී ගිනිඅවි දෙකක් හමුවෙයි

පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ තිබී ගිනිඅවි දෙකක් හමුවෙයි

December 8, 2025   03:25 pm

වාලච්චේන පොලිස් වසමේ පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ 20 කණුව ආසන්න ප්‍රදේශයේදී දුරකථන කණුවක් අසල තිබී ගිනිඅවි දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ, මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක්, එයට යොදන ලද පතරොම් 04ක් හා විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ අවියකි.

අද (08) උදෑසන කාලයේ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම ගිනිඅවි සොයාගෙන ඇත. 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.