වැඩබලන අගවිනිසුරු ලෙස ශිරාන් ගුණරත්න පත්කෙරේ

වැඩබලන අගවිනිසුරු ලෙස ශිරාන් ගුණරත්න පත්කෙරේ

November 22, 2025   12:30 pm

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා පත්කර තිබේ.

ඒ අනුව ඒ මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද සිට එළැඹෙන 27 වනදා දක්වා විදේශගත වන බැවින්, ඔහු නැවත ලංකාවට පැමිණෙන තුරු ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ.