සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්
November 20, 2025 10:03 pm
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවති සිම්බාබ්වේට එරෙහි තරගයෙන් ලකුණු 67ක දරුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
රාවල්පින්ඩිහිදී පැවැති මෙම තරගයේ සිම්බාබ්වේ කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 163ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 95ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක පන්දු 25කින් ලකුණු 34ක් රැස් කළේය.
එමෙන්ම භානුක රාජපක්ෂ ලකුණු 11ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10ක් හෝ රැස්කිරීමට නොහැකි වූහ.
සිම්බාබ්වේ වෙනුවෙන් බ්‍රැඩ් එවන්ස් කඩුලු 3ක් (3/9) හා රිචඩ් ගරාවා කඩුලු 2ක් (2/15) දවාගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූහ.
මෙය විස්සයි20 තරගයකදී සිම්බාබ්වේ හමුවේ දැවීගිය තෙවන අඩුම ලකුණු සංඛ්‍යාව වේ.
එමෙන්ම ජාත්‍යන්තර විස්සයි20 පිටියේ ලොව ඕනෑම කණ්ඩායමක් හමුවේ ශ්‍රී ලංකාව දැවීගිය 9වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.
මේ අතර මෙම ජයග්‍රහණය අයි.සී.සී. පූර්ණ සාමාජික රටකට එරෙහිව සිම්බාබ්වේ ලැබූ දැවැන්තම ජයග්‍රහණය (ලකුණු පරතරය අනුව) ලෙසද වාර්තා අතරට එක්විය.
මීට පෙර ඔවුන් ලැබූ වාර්තාගත ජයග්‍රහණය වූයේ 2016 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 31ක ජයක් ලැබීමය.
