ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
November 20, 2025 08:18 pm
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස් කළේය.
එහිදී බ්‍රයන් බෙනට් ලකුණු 49ක් හා නායක සිකන්දර් රාසා ලකුණු 47ක් රැස්කිරීමට සමත් වූහ.
ඔවුන්ට අමතරව රයන් බර්ල් (18), ටෂින්ගා මුසෙකිවා (11) සහ බ්‍රෙන්ඩන් ටේලර් (11) තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කළේය.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 3ක් දවාගත්තේය.
එමෙන්ම පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකරන එෂාන් මාලිංගද කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.
