පිලිපීන හිටපු නගරාධිපතිවරියකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
November 20, 2025 07:40 pm
චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා එල්ල වී තිබු පිලිපීන හිටපු නගරාධිපතිවරියකට මහා පරිමාණ මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
ඇය ඇතුළු තිදෙනෙකු අදාළ චෝදනාවට වරදකරුවන් වී ඇති අතර සිරදඩුවමට අමතරව ඩොලර් 33,832ක දඩයක් ද පිලිපීන අධිකරණයක් මගින් නියම කර ඇති බව සඳහන් වේ.
මෙලෙස සිරදඩුවම් නියම වී ඇත්තේ පිලිපීනයේ බම්බන් ප්‍රදේශයේ හිටපු නගරාධිපතිවරිය වන ඇලිස් ගුඕ නැමැත්තියකට ය.
එරට ඉතිහාසයේ මහා පරිමාණ වංචාවක් ලෙස මෙය වාර්තා වී තිබූ අතර ඇයට අයත් බව කියන මධ්‍යස්ථානයක රඳවා සිටි මිනිස් ජාවාරම් සඳහා යොදාගත් පිලිපින ජාතිකයින් ඇතුළු 800 දෙනෙකු වැටලීම්වලදී මුදාගැනීමට ද පිලිපීන ආරක්ෂක අංශ කටයුතු කර තිබුණි.
