දරුවන් මත් රකුසාට ගොදුරුවීමට ඉඩ තබන්නේ නැහැ - ජනපති
November 20, 2025 05:07 pm
දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට පිහිටුවා ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට දේශපාලන රැකවරණයක් නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජාතියක් ලෙස මේ මොහොතේ මුහුණ දී සිටින විනාශකාරීම ගැටලුව වන මෙම මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදවා ගැනීමට එක් වී කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා පවසීය.
ජනාධිපතිවරයා පැවසුවේ මත්ද්‍රව්‍ය හා බැදුණු කළු ආර්ථිකය රටෙහි සංවර්ධනයට හා සාමය විශාල මරු පහරක් වී ඇති බවය.
තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 'රටම - එකට' ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන සඳහා අද(20) එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා..
වසර ගණනාවකින් ව්‍යාපාරවලින් සොයා ගත නොහැකි මුදල් මත්ද්‍රව්‍ය හරහා එක් බෝටුව්වකින් සොයා ගත හැකි කාලයක් නිර්මාණය වී ඇති බවත් ඒ ඔස්සේ විශාල මුදලක් රට තුළ සංසරණය වන බවත් මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඔවුන් සතුව ඇති අති විශාල ධනය හරහා දුර්වල රාජ්‍ය නිලධාරීන් මිලදී ගන්නා අතර රාජ්‍ය යාන්ත්‍රනය බියට පත් කරමින් තමන්ට අවශ්‍ය දේ සිදු කර ගැනීමට පෙළෙඹන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ජීවිතය පිළිබඳ කිසිදු වටිනාකමක් නොමැති තරුණයින් යොදා ගනිමින් නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම් පාතාල ක්‍රියාකාරීන් විසින් ගොඩ නගා ඇති අතර ඒ හරහා මත්ද්‍රව්‍ය ජාවාරම වර්ධනය කර ගන්නා බවද සඳහන් කළේය.
රාජ්‍ය නිලධාරීන් සඳහා තෝරා ගැනීමට මාර්ග ද්විත්වයක් ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, මෙම ගැටලු පිළිබඳ නොදැක්කා සේ තමන්ගේ පාඩුවේ හිදිමින් මෙම තත්ත්වය වර්ධනය වීමට ඉඩ හැරීම එක් මාර්ගයක් වන අතර රාජකාරීයේ වගකීම මහජනතාව වෙනුවෙන් ඉටු කරමින් මෙම ව්‍යසනයට එරෙහුව සටන් කිරීම අනෙක් මාර්ගය වන බවද පැවසීය.
එමෙන්ම මෙම පාතාල ක්‍රියාකාරීන්ට බලය ලබා දී ඇත්තේ දේශපාලකයින් විසින් බවත් ඔවුන් ළඟ තිබූ බලය තරුණයින්ට ආරෝපණය කර මෙලෙස පාතාල ක්‍රියාකාරීන් ගොඩ නැගූ බවත් එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මීට පෙර පැවති රජයන්හි ජනපති ආරක්ෂක අංශවල හා කෘත්‍යාධිකාරී මණ්ඩලවල පවා පාතාල ක්‍රියාකාරීන් සිටි අතර ඔවුන්ට අවශ්‍ය රැකවරණය හා ආශීර්වාදය දේශපාලකයින් විසින් ලබාදුන් බව කියා සිටි ජනාධිපතිවරයා කිසිදු අපරාධකරුවෙකුට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු අයට මෙම රජයෙන් දේශපාලන රැකවරණය ලබා නොදෙන බවද අවධාරණය කළේය.
විවිධ කණ්ඩායම් කෘතිම ප්‍රශ්න නිර්මාණය කර රටහි පවතින සත්‍ය ප්‍රශ්න යට ගැසීමට උත්සහා කරන බවත් මෙම මෙහෙයුම කඩාකප්පල් කිරීමට ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ, පෙළපාලි සිදු කිරීමට පෙළෙඹෙන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා මෙම වැඩසටහනේ දී අදහස් දක්වමින් පැවසීය.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම සටනට එරෙහිව නැගිටින විනාශකාරී දේශපාලන පෙළගැස්ම සිය රජය විසින් පරාජයට පත් කරන බවය.
එමෙන්ම නිල ඇඳුමේ ගෞරව රැකගැනීම නිලධාරීන්ගේ වගකීමක් වන බවත් පාතාල ක්‍රියාකාරීන්ට බිය වී සිය රාජකාරිය හෑල්ලුවට ලක් නොකරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
නිල ඇදුමේ ගෞරව රැකෙන පරිදි රාජකාරී සිදු කරන නිලධාරීන් වෙනුවෙන් තම රජය පෙනී සිටින බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.
අයවැය ලේඛනයෙන් විශාල මුදලක් පුනරුත්තාපන සඳහා වෙන් කර ඇති බවත් ඒ සඳහා විද්‍යාත්මක මගපෙන්වීමක් සමග ක්‍රමවේදක් සකස් කර ඇති බවත් ඒ හරහා ශක්තිමත් පුනරුත්තාපන ක්‍රියාවලියක් සිදු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
නමුත් මෙය මෙම ව්‍යසනය පරාජයට පත් කරන තෙක් මෙම මෙහෙයුම අඛණ්ඩව සිදු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
සිය රජය විසින් ගත් මෙම තීරණය අත් නොහරින බවත් පළවෙනි දිනට වඩා දෙවැනි දිනය වේගවත් කරන අතර දෙවැනි දිනට වඩා තෙවැනි දිනය වේගවත් කිරීම හරහා මෙය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තම නායකත්වය ලබා දෙන බව ද එහිදී ජනාධිපතිවරයා පැවසීය.
