කොංගෝවේ ඇමතිවරයෙක් ගමන්ගත් ගුවන්යානයක් ගොඩබැස්වීමේ දී බිහිසුණු අනතුරක
November 18, 2025 03:54 pm
ප්රජාතන්ත්රවාදී කොංගෝවේ පතල් කටයුතු ඇමතිවරයා ඇතුළු පිරිසක් ගමන්කරමින් සිටි ගුවන්යානය අනතුරට ලක්ව තිබේ.
එහිදී ඇමතිවරයාට හෝ අනෙක් කිසිවෙකුට ජීවිත හානි සිදුවී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
කින්ෂාසා අගනුවර ගුවන්තොටුපොලින් ගුවන්ගත කළ යානය එරට ලුආලාබා ප්රාන්තයේ කොල්වෙසී ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට යාමේදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සමඟ යානය ගිනිගැනීමට ලක්ව ඇත.
කෙසේ නමුත් අනතුර සිදුවන විට යානයේ ඇමති ලුවිස් වටූම් කබම්බා සහ තවත් මගීන් 19 දෙනෙක් සිට තිබුණත් අනතුරින් ඔවුන් කිසිවෙකුට හානි සිදුව නොමැත.
නමුත්, එහිදී මගීන්ගේ ගමන් මලු ගබඩාකර තිබූ කොටසට හානි සිදුව ඇති බව වැඩිදුර වාර්තා වෙයි.
