වාහන තුනක් එකිනෙක ගැටෙයි
November 17, 2025 09:59 am
වැල්ලවාය තණමල්විල ප්රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්රදේශයට අයත් කිතුල්කොටේ ප්රදේශයේ දී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් අද (17) පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ.
බස් රථයක්, වෑන් රථයක් සහ මෝටර් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.
අනතුරින් කිසිවෙකුටත් බරපතළ හානියක් සිදු වී නොමැති අතර රථ වාහනවලට දැඩි හානි සිදු වී ඇත.
අනතුර සම්බන්ධයෙන් තණමල්විල පොලිස් මූලස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්ය.
