පාකිස්තාන ක්‍රිකට් නායක අෆ්රිඩිගෙන් භෝජන සංග්‍රහයක්

පාකිස්තාන ක්‍රිකට් නායක අෆ්රිඩිගෙන් භෝජන සංග්‍රහයක්

November 16, 2025   09:46 pm

පාකිස්තාන එක්දින ක්‍රිකට් නායක ෂහීන් ෂා අෆ්රිඩි විසින් ශ්‍රී ලංකා, සිම්බාබ්වේ සහ පාකිස්තාන ක්‍රීඩකයින් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධාන කර තිබුණි.

රාවල්පින්ඩි නගරයට නුදුරින් පිහිටි ඉස්ලාමාබාද්හිදී ඊයේ (15) රාත්‍රීයේ මෙම භෝජන සංග්‍රහය පැවැති බව සඳහන් වේ.

පාකිස්තාන,ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර විස්සයි20 ත්‍රිත්ව තරගාවලිය ආරම්භ වීමට පෙර පැවත් වූ මෙම සාදය කණ්ඩායම් සමාජිකයින් අතර පැවති සැහැල්ලු මොහොතකි.

එය සංචාරක කණ්ඩායම් අතර මිත්‍රත්වය සහ බැඳීම් වර්ධනය කිරීමට සහාය වනු ඇති බව සඳහන් වේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 තරගාවලිය සඳහා පාකිස්තානය සත්කාරකත්වය දරයි.

ඊයේ රාත්‍රියේ සිට මෙම සාදයේ කෙටි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවති.