හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට
November 12, 2025 09:41 am
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (12) උදෑසන එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීය.
2021 වර්ෂයේදී සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 4ක සේවකයින් සඳහා වූ සෘජු වෛද්‍ය රක්ෂණයන් ලබා දීමේදී සිදු වූවා යැයි කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
අදාළ රක්ෂණාවරන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් කොමිස් මුදලක් ගෙවීමකින් තොරව සෘජුව ලබාගැනීමට හැකිව තිබියදී පෞද්ගලික් රක්ෂණ තැරැව්කාර සමාගම මැදිහත් කර ගනිමින් රුපියල් 4,750,828.72ක මුදලක් ගෙවීමට සළස්වමින් එම සමාගම වෙත අයුතු වාසියක් සිදු කළ බවට හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට චෝදනා එල්ල වී ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් ප්‍රසන්න රණතුංග මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
