දෙරණ ඩ්‍රීම් ස්ටාර් ෆැලන් ඇන්ඩ්‍රියා ගෙන් 30වන ආසියානු රූපවාහිනී සම්මාන උලළේදී ගීතයක්
November 11, 2025 10:38 pm
දෙරණ ඩ්‍රීම් ස්ටාර් 9වන අදියරේ ජයග්‍රාහිකාව බවට පත්වූ ෆැලන් ඇන්ඩ්‍රියා 30 වන ආසියානු රූපවාහිනී සම්මාන උලළේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගීතයක් ගායනා කිරීමට නියමිතව තිබේ.
30 වන ආසියානු රූපවාහිනී සම්මාන උලෙළ මෙම මස 28-29 ඉන්දුනීසියාවේ ජකර්තා හිදී පැවැත්වෙයි.
මෙහිදී ඇය තමන්ගේම ගීයක් ජාත්‍යන්තර වේදිකාවක සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් ඉදිරියේ ගායනා කරනු ලබයි.
ඇය එලෙස තමන්ගේම ගීයක් ජාත්‍යන්තර වේදිකාවක සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් ඉදිරියේදී ගයනාකරනු ලබන්නේ පළමුවරටය.
ෆැලන් ඇන්ඩ්‍රියා ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, මෙම අවස්ථාව තමාගේ 'සිහිනයක්' සැබෑ වීමක් බවය.
30වන ආසියානු රූපවාහිනී සම්මාන උලෙළ ආසියානු චිත්‍රපට හා නාට්‍ය කර්මාන්තයේ හොඳම සහ ජනප්‍රියම නිර්මාණ හඳුනා ගන්නා සම්මාන උළෙල වෙයි.
