අං තුනකින් යුත් Triceratops පොසිලයක් ඉන්දියාවෙන් හමුවෙයි

අං තුනකින් යුත් Triceratops පොසිලයක් ඉන්දියාවෙන් හමුවෙයි

November 9, 2025   05:59 pm

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි සහරන්පූර් දිස්ත්‍රික්කයේ සහන්සාරා ගං ඉවුර ආසන්නයේ සිදු කළ කැණීම්වලින් ට්‍රයිසරටොප්ස් නම් අං තුනකින් යුත් ඩයිනෝසෝරයෙකුගේ යැයි විශ්වාස කෙරෙන පොසිලයක් හමුවී ඇති බව පර්යේෂකයින් පවසයි.

එම පොසිලය වසර මිලියන ගණනක් පැරණි විය හැකි බව දැනට සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම ඩයිනෝසෝරයන් ක්‍රිටේසියස් යුගයේදී එනම් වසර මිලියන 100.5 කට පෙර ජීවත්ව සිට ඇති බව වාර්තා වේ.

මෑත වසරවලදී මෙම ප්‍රදේශයෙන් කරන ලද කැණීමවලදී වසර මිලියන ගණනක් පැරණි පොසිල කිහිපයක්ම හමු වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් founder of the Natural History and Conservation Centre හි නිර්මාතෘවරයා පවසන්නේ වසර මිලියන 35-40ක් අතර කාලයක් හිමාල කඳු පාමුල වැළලී තිබී ඇති මෙම පොසිලය සංරක්ෂණය කිරීමට පහසු මට්ටමක පවතින බවය.

එමෙන්ම මෙය ඉතා හොඳ සොයා ගැනීමක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.